නවතම පුවත්

හොර පාරෙන් රට යන්න ගිහින් හිස් අතින් එන ලාංකිකයෝ

අසංක

අසංක

මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට නීති විරෝධි ලෙස සංක්‍රමණය වීමට දරණ උත්සහ කිරීම් මේ වන විට ඇත්තේ ඉහළ ගොසිනි.

නීති විරෝධිව ඕස්ට්‍රේලියාවට ඇතුළු වන කිසිදු අනවසර සංක්‍රමණිකයෙකුට ඕස්ට්‍රේලියාවට පය තැබීමටවත් ඉඩක් නොමැති බව නොදන්නා අහිංසක ජනතාව රවටමින් මිනිස් ඡාවාරම්කරුවෝ මේ ඡාවාරම කරගෙන යන්නේ අතට ලැබෙන මුදල් කුට්ටියට වහ වැටීය.

මෙසේ ඉකුත් මැයි මාසයේ සිට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට ගිය 137 දෙනෙක් මෙරටට පිටුවහල්කර එවන්නට ඕස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගන්නේ ගුවන් යානා 05ක දමාය. ඉන් නොතැවතුණු ඕස්ට්‍රේලියානු රජය ඉකුත් ජූලි මාසයේදී අල්ලාගත් අනවසර සංක්‍රමණිකයින් 46 දෙනෙක් මෙරටට එවන්නේ වෙරළාරක්ෂක නෞකාවක දමාය.

මෙසේ නෞකාවකින් අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන පළමු අවස්ථාව වන්නේ මෙයයි. එම යාත්‍රාව කොළඹ වරායට සේන්දු වන්නේ ඉකුත් 05 වෙනිදා සවස් කාලයේදීය.

වෙරළාරක්ෂක නෞකාව මෙරට ගමන් ආරම්භකර තිබියදී ඉන්දුනීසියාවේ සිටද අනවසර සංක්‍රමණිකයින් පිරිසක් රැගත් යාත්‍රාවක් වෙරළාරක්ෂකයින්ට හසුවීම විශේෂත්වයකි. එම යාත්‍රාව වෙරළාරක්ෂක නෞකාවට දොඹකර මගින් පටවාගත් වෙරළාරක්ෂකයින් වෙනත් යාත්‍රාවකින් එම අනවසර සංක්‍රමණිකයන් ඉන්දුනීසියාවටම මහා මුහුදෙන්ම පිටුවහල් කිරීමට පියවර ගන්නේ ශ්‍රී ලංකාව බලා පිටත්වූ ගමන ප්‍රමාද නොකරමිනි. නෞකාව ශ්‍රී ලංකාවට එන්නේද ඉන්දුනීයානු බෝට්ටුවත් පටවාගෙනමය.

මෙම වෙරළාරක්ෂක නෞකාව හෙලිකොප්ටර් අංගනයකින්ද සමන්විත නවීන තාක්ෂණය මුසුවූවකි. ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට ඇතුළු වන අණවසර සංක්‍රමණිකයින් රැගත් යාත්‍රා නිරීක්ෂණය වන්නේ මෙම නෞකාව මගිනි. ඒ සඳහා අති නවීන රේඩාර් පද්ධතියක් මෙන්ම තාක්ෂණික මෙවලම් වලින් නෞකාව සන්නද්ධය.

මෙම නෞකාවෙන් මෙරටට රැගෙන පැමිණි අනවසර සංක්‍රමණිකයන් 46 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලදාරීන් කොළඹ වරායට ගොස් සිය භාරයට ගෙන තිබේ. ඔවුන් අතර සිටි මිනිස් ජාවාරම්කරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගත කරමින් සෙසු 40 දෙනා මුදා හැර ඇත.

මෙම පිරිස බහුදින යාත්‍රාවක නැගී ඕස්ට්‍රේලියාව බලා යාත්‍රාකර ඇත්තේ ඉකුත් ජුනි 06 වෙනිදා වාලච්චේන වෙරළ තීරයෙනි. සියළු දෙනාම පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් උතුරු සහ නැගෙනහිර පළාත්වල පදිංචිකරුවන්ය.

ඕස්ට්‍රේලියානු වෙරළාරක්ෂකයින් එරට ඇතුළුවීමට උත්සහ දැරීම්වලදී ශ්‍රී ලාංකිකයන් 183 දෙනෙක් අල්ලා පිටුවහල් කර ඇතුවා සේම මෙරටින් බෝට්ටුවල නැගී නීති විරෝධිව ඕස්ට්‍රේලියාව බලා යාමට සූදානම් වූ 865 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේද මැයි මාසයේ සිට මේ දක්වාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්