නවතම පුවත්

ශ්‍රී ලංකාව ගැන යෝජනාව ජිනීවාහිදී සම්මතයි – රටවල් 27ක සහය නෑ

අසංක

අසංක

ස්විටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අද ශ්‍රී ලංකාව පිළිබඳ වන යෝජනාව සම්මත වී තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ අදහස් විමසීමකින් හෝ එකඟතාවකින් තොරව සභාගත කරනු ලැබු නව යෝජනාව මෙරට රජය ප්‍රතික්ෂේප කර ඇත.

‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යන මැයෙන් වූ A/HRC/51/L.1 (Rev.1) දරණ මෙම යෝජනාව, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ අමෙරිකාව විසින් ඉදිරිපත් කර තිබුණි.

පකිස්ථානය, බ්‍රසීලය, චීනය, වෙනිසියුලාව, ජපානය සහ කොරියානු ජනරජය යන රටවල නියෝජිතයන් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ශ්‍රී ලංකාවට සහාය පළ කරමින් ප්‍රකාශ සිදුකළේය.

මෙම යෝජනාව පිළිබඳ පැවැත්වූ ඡන්දයේදී ඊට පක්ෂව ඡන්ද 20ක් හිමිවිය. බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පකිස්ථානය, උස්බෙකිස්තානය සහ වෙනිසියුලාව යන රටවල් 07 ක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

ඡන්ද විමසීමේදී ඉන්දියාව,ජපානය, ඉන්දුනීසියාව, මලයාසියාව, නේපාලය, කටාරය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බ්‍රසීලය ද ඇතුළුව රටවල් 20ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබුණි.

රටවල් 20 ක් ඡන්දය දීමෙන් වැළකී සිටීමත් සමඟ සමස්ත කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් යෝජනාවට සහාය නොදැක්වූහ

දේශීය ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති වැනි කවුන්සිලයේ රාමුවෙන් බැහැර කරුණු පිළිබඳ යෝජනාවේ සඳහන් කරුණුවලට එම කවුන්සිලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ විදේශ අමාත්‍ය සබ්රි විරෝධය පළ කළේය.

මානව හිමිකම් කවුන්සිලය සාමාජික රටවල් 47 කින් සමන්විත ය. අප්‍රිකානු රාජ්‍යයන් 13 ක්, ආසියා පැසිෆික් ප්‍රාන්ත 13 ක්, ලතින් ඇමරිකානු සහ කැරිබියන් රාජ්‍යයන් 8 ක්, බටහිර යුරෝපය සහ අනෙකුත් ප්‍රාන්ත 7 ක් සහ නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන් 6 ක් ඊට ඇතුළත් වේ.

මේ වනවිටට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය පසුගිය සැප්තැම්බර් 12 වනදා ආරම්භ විය. එය ඔක්තෝබර් 07 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වෙයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි