නවතම පුවත්

මතට ලොල්වූ පොලිස් නිලධාරීන් සොයා මෙහෙයුමක්

අසංක

අසංක

මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 1000ක් පමණ මේ වන විට පොලිස් සේවයේ නිරතව සිටින බව පොලිස් මූලස්ථානය විසින් කළ සොයා බැලීමකදී පෙනී ගොස් ඇත.

ඒ අය අතර විවිධ නිල තල වල නිලධාරීන් සිටිති. වැඩි දෙනෙක් පොලිස් කොස්තාපල් සහ සැරයන් තනතුරේ අය බව පෙනී ගොස් ඇත.

මෙම වසර තුළ පමණක් මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින පොලිස් නිලධාරීන් 100කට ආසන්න පරිසක් හදුනාගෙන අත්අඩංගුවට ගෙන පොලිස් සේවයෙන් නෙරපා හැරීමටද පියවර ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ අතර වැඩි දෙනෙක් මෑතකදී පොලිස් සේවයට එක්වූ අය වීම විශේෂත්වයකි. ඒ හැරුණු කොට පොලිස් සේවයේ නිරතව සිටියදී මතට ඇබ්බැහි වූ නිලධාරීන් ද රැසක් සිටිති.

වැඩි වශයෙන් මතට හුරුවී සිටින නිලධාරීන් සේවයේ නිරතව සිටින බව පෙනී ගොස් ඇත්තේ බස්නාහිර පළාතේය. ඉදිරියේදී අහඹු ලෙස පොලිස් නිලධාරීන්ව මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක්කිරීමේ වැඩ පිළිවෙලක්ද දියත් කිරීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමු වී ඇත.

එම පරීක්ෂාව පොලිස්පතිවරයාගේ සිට සෑම තරාතිරමකම නිලධාරීන් යොමු කිරීමට නියමිත බව එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා