පසුගිය දිනවල පැවති වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් අද (05) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව නැගෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවන බවද හෙට දිනය සඳහා වන කාලගුණ අනාවැකිය ඉදිරිපත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ව පවසයි.
මීට අමතරව උතුරු පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඒළිය හා අනුරාධාපුර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.