බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 2 යි දශම 5 කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගාස්තු අඩුකිරීම සිදුකර ඇති බවයි එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පැවසුවේ.
එහි සභාපති සනත් මංජුල පැවසුවේ ඩීසල් මිල ගණන් අඩුවීම සැලකිල්ලට ගනිමින් මෙලෙස බහාලුම් ප්‍රවාහන ගාස්තු අඩුකිරීමට පියවර ගත් බවයි.