විදෙස්සිව්කොණ


Share now!

ලොව ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල භාණ්ඩ අලෙවි කිරීමේ සේවාවක් වන ඇමර්සන්හි සේවකයින් 18,000 කට අධික පිරිසක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ නිල නිවේදනය ලබන 18 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇමර්සන් සමාගම සතුව ලක්ෂ 03 කට ආසන්න සේවකයින් පිරිසක් සේවය කරනවා. ඉන් සියයට 6 ක පිරිසකට මෙලෙස සේවය අහිමිවනු ඇති. 

ඇමර්සන් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් සමයේ මුහුණපා ඇති ආර්ථික අර්බුදකාරී තත්ත්වයයි. එය තවදුරටත් පවතිනු ඇති බවටයි ඇමර්සන් ප්‍රධාන විධායක ඇන්ඩි ජැසී පවසා ඇත්තේ.

ඒ අනුව වියදම් අඩුකිරීමේ ක්‍රමෝපායක් ලෙස මෙලෙස සේවක කප්පාදුවක් සිදුකිරීමට ද තීරණය කර තිබෙනවා. එමෙන්ම නව ගබඩා සංකීර්ණ කුලියට ගැනීම නතර කිරීමට ද ඇමර්සන් සමාගම තීණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.