නවතම පුවත්

ලංකාවේ ජිහාද් ත්‍රස්තවාදය නවත්වන්න ඉන්දියාවෙන් පොරොන්දුවක්

අසංක

අසංක

   රමේෂ් වරල්ලෙගම

ජිහාද් ත්‍රස්තවාදය නැමැති පොදු තර්ජනයට මුහුණදීම සදහා ශ්‍රි ලංකාවට ඉන්දියාවේ පුර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා අද (17) මහනුවරදි සහතිකයක් ලබා දුන්නේය.
ශ්‍රි දළදා මාලිගාව වැද පුදාගත් ඉන්දීය මහ කොමසාරිවරයා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් මහ නායක හිමිවරුන්ගේ අදහස් හා විමසීම්වලට කන් දෙමින් හෙතම බව සදහන් කළේය.

මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බොටුවාවේ ශ්‍රි සුමංගල සහ අස්ගිරි පාර්ශවයේ මහ නායක වරකාගොඩ ශ්‍රි ඥානරතන නාහිමිවරු බැහැ දුටු අවස්ථාවේ වෙසක් මංගල්‍යය වෙනුවෙන් සුභාශිංසන පිරිනැමීමටද තරංජිත් සිං මහතා අමතක නොකළේය.

2017 දී ශ‍්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර වෙසක් දින සැමරුම සඳහා අග‍්‍රාමාත්‍ය ශී‍්‍ර නරේන්ද්‍ර මෝදි මහතා ශ‍්‍රී ලංකාවට සපැමිණි බවද හෙතම සිහිපත් කළේය.

මෙහිදී මහ නායක හිමිවරු දෙනම ඉන්දියාව ආරක්ෂක ක්ෂේත‍්‍රයද ඇතුළුව ශ‍්‍රී ලංකාවට ලබාදෙන කොන්දේසි විරහිත ශක්තිමත් සහයෝගය ඉතා අගය කළෝය.
මහ කොමසාරිස්වරයා, ඉන්දීය රජයෙන් ලබාදෙන රුපියල් මිලියන 150ක මූල්‍යාධාරයක් යටතේ මහනුවර, පල්ලේකැලේ පිහිටි ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ආයතන පරිශ‍්‍රයේ ඉදිවෙමින් පවතින උඩරට නර්තන පාසලෙහි ඉදිකිරීම් කටයුතුවල ප‍්‍රගතිය  නිරීක්ෂණය කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා