නාවික හමුදාවෙන් ඌරුමලෛයි ‌දෙමළ විද්‍යාලයට රැස්වීම් ශාලාවක්

Picture of අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම 

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් අලුත්වැඩියා කළ ඌරුමලෛයි ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ ගොඩනැගිල්ල පසුගිය 16 වැනිදා සිසු අයිතියට පත් කර තිබේ.

 නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් තලෙයිමන්නාරම,ඌරුමලෛයි ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයට ‌මෙම පරිත්‍යාගය කර ඇත.

මෙම ගොඩනැගිල්ලේ අළුත්වැඩියා කටයුතු ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි ලක්ෂ්මි කැන්ටර් මැතිණියගේ මුල්‍යම දායකත්වය මත උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ ගේ මඟපෙන්විම යටතේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ ශ්‍රම දායකත්ව‌ෙයෙන් සිදුවිය.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රදේශයේ පූජකවරුන්, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්න ආයතතනයේ විධායක නිලධාරි, ලුතිනන් කොමාණ්ඩර් බීජී ධම්මික ඇතුළු ආයතනයේ නිලධාරින් පිරිසක්, විද්‍යාලීය විදුහල්පති, විද්‍යාල ගුරුභවතුන් සහ සිසුන් මෙන්ම දෙමාපියන් පිරිසක් ද සහභාගීවි සිටියහ.