නවතම පුවත්

බස්නාහිර බුද්ධි ඒකකය හදුනානොගත් ගිනි අවිය වායු රයිෆලයක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාබෝල සංවිධායක සහ කෝටිපති ව්‍යාපාරිකයෙකු බව කියන සැකකාර  මොහොමඩ් රිස්කාන්ගේ නිවසේ තිබි බස්නාහිර බුද්ධි කොට්ඨාශය සොයාගත්  හදුනා නොගත් ගිනි අවිය මේ වනවිට වායු රයිෆලයක් බවට හදුනාගෙන ඇත.


තවුහිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධයක් ඇතිබවට සැකපිට අත්අඩංගුවට පත් මෙම ව්‍යපාරකයා දැනට වත්තල පොලිසියේ අත්අඩංගුවේ පසුවෙයි.

නමුත් මේ දක්වා තව්හිද් ජමාත් සංවිධානය සමග ඔහුගේ සබදතාවක් ඇති බවට කිසිදු තොරතුරක් හෙළි වී නැතැයි වත්තල පොලිසියේ ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් මෙම සැකකරු සමග සමීප සබදතා පැවැත්වු වත්තල මාබෝල නගර සභාවේ හිටපු සභාපති මොහොමඩ් නව්සාඩ් ජමාත් සංවිධානයේ ප්‍රබලයකු බවටත් ඔහු විදෙස්ගතව ඇති බවටත් මෙයට පෙර මාධ්‍යයේ පළවී තිබිණි.

නමුත් අදාල චෝදනා ලැබු මොහොමඩ් නව්සාඩ් පසුගිය 15 වැනිදා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ ඇති අතර ඔහු සැකකාර මොහොමඩ් රිස්කාන් බැලීමටද ගොස් තිබේ.

මෙහොමඩ් නව්සාඩ් දැනට මාබෝල ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයාය.

තමන්ට කිසියම් චෝදනාවක් ඇත්දැයි ගුවන් තොටුපළ බලධාරින්ගෙන්ද විමසමින් මොහු ඔස්ට්‍රේලියාව බලා අද අලුයම පිටව ගොස් තිබේ.

ඇතැම් මාධ්‍ය මොහු තව්හිද් ජමාත් සැකකරුවකු ලෙස අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා කර තිබේ.

 ද කළම්බො එක්ස්ප්‍රස් කළ සොයා බැලීමේදී අදාල පුද්ගලයා සහ තවුහිත් ජමාත් සංවිධානය අතර කිසියම් සබදතාවක් ඇති බව තහවුරු නොවීම ඔහුව අත්අඩංගුවට නොගැනීමට හේතුවි ඇති බව හෙළිවිය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා