නවතම පුවත්

ඇප මුදල් ගන්නැයි මැතිවරණ කොමිසම දැනුම්දෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් බාර ගැනීම සහ නියමිත දිනට නාමයෝජනා බාරගන්නැයි මැතිවරණ කොමිසම ඊයේ (10) රාත්‍රී සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දීමක් කර ඇත.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙම දැනුම් දීම කර තිබේ.

මෙම දැනුම් දීමත් සමඟ රාජ්‍ය පරිපාලන නිලධාරීන් තමන් ගන්නා තීන්දුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් පිළිබඳව විමතියට පත්ව සිටින බව දැනගන්නට තිබේ.

ඊට හේතු වී ඇත්තේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂ ඇප මුදල් බාර ගැනීම නැවත දැනුම් දෙනතුරු නතර කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුතන්ත්‍රි මහතා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඊයේ නියෝග කර තිබීමයි.

පසුගිය 9 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගත් තීන්දුවක් අනුව එම තීරණය ගත් බව චක්‍රලේඛයක් මගින් දැනුම් දි තිබිණි.

කෙසේ වෙතත් මැතිවරණයක දි මැතිවරණ කොමිසමේ තින්දුව බලාත්මක වනු ඇති බව නීති විශාරදයෝ පවසති. කෙසේ වෙතත් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි