මෙරට මුළු සේවා නියුක්තියෙන් අඩකට වැඩි පිරිසක් අවිධිමත් ආර්ථිකයට අයත්වූවන්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ මුළු සේවා නියුක්තියෙන් 58.4%ක්ම අයත් වන්නේ අවිධිමත් ආර්ථිකයට අයත් වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

අවිධිමත් ආර්ථිකය යනුවෙන් අදහසස් වන්නේ ලියාපදිංචි නොකළ හෝ විධිමත් පරිදි ගිණුම් පවත්වාගෙන නොයන හෝ නිත්‍ය සේවකයන් ගණන 10ට අඩු ආයතන‍වල සේවා නියුක්ත පිරිසය.

කෘෂිකාර්මික අංශයේ සේවා නියුක්තියෙන් 88.8%ක්ම අවිධිමත් ආර්ථිකයට අයත් වේ.

ඉතිරි 11.2%ක ප්‍රමාණය විධිමත් ආර්ථිකයට අයත් සේවා නියුක්ත ජනගහනය වන අතර එම පිරිස ප්‍රධාන වශයෙන් රජයට හෝ කිසියම් සංස්ථාපිත ආයතනයකට අයත් වතුවල සේවයේ නිරත වේ.

කෙසේ වෙතත්, කෘෂිකාර්මික නොවන විධිමත් අංශයේ රැකියා ප්‍රතිශතය, අවිධිමත් අංශයේ රැකියාවලට වඩා තරමක් වැඩි ය.

2021 වසරේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයෙන් මෙම තොරතුරු අනාවරණය වී ඇත.

මෙම සමීක්ෂණ වාර්තාවට අනුව මෙරට ආර්ථිකය තුළ අවිධිමත් සහ විධිමත් අංශ ලෙස රැකියා බෙදීගොස් ඇති ආකාරය පහත පරිදි ය.

මෙම සමීක්ෂණයේදී අනාවරණය වූ තවත් කරුණක් වන්නේ මෙරට රැකියා කරන පිරිමින් අතර බහුතරයක් අවිධිමත් අංශයේ සේවය කරන අය බවයි. එම ප්‍රතිශතය සියයට 62.7 කි.

කාන්තාවන් සඳහා මෙම ප්‍රතිශතය සියයට 49.7 කි.

මෙම අනුපාතය සලකා බලන විට පිරිමින්ට සාපේක්ෂව විධිමත් අංශයේ කාන්තාවන්ගේ සහභාගීත්වය ඉහළ ය.

මෙම සමීක්ෂණයට අනුව ස්ත්‍රී පුරුෂ භාවය අනුව අවිධිමත් සහ විධිමත් අංශයේ රැකියා බෙදී ගොස් ඇති ආකාරය පහත වගුවෙන් දැක්වේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සමීක්ෂණ වාර්තාවට අනුව අධ්‍යාපන මට්ටම සහ අවිධිමත් අංශයේ සහභාගීත්වය අතර ඇති සම්බන්ධය සඳහා පහත වගුව පැහැදිලි සාක්ෂි සපයයි.

අධ්‍යාපන මට්ටම ඉහළ යන විට අවිධිමත් අංශයේ සහභාගීත්වය අඩු වන අතර විධිමත් අංශයට ඇත්තේ එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයයි.

2021 වසර වනවිට මෙරට තුළ අධ්‍යාපන මට්ටම අනුව අවිධිමත් සහ විධිමත් අංශයේ රැකියා බෙදීයාම පහත වගුවෙන් දැක්වේ.