නවතම පුවත්

එකක් හැර සෙසු සියලුම වාහන ආනයන සීමා මේ වසරෙන් අවසන්

අසංක

අසංක

මේ වසර අවසන් වනවිට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා ඉවත් කිරීමට රජය අපේක්ෂා කරයි.

මුදල් අමාත්‍යාංශ නිලධාරීහු අද(05) පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී මේ බව අනාවරණ කර තිබේ.

විශේෂයෙන් එවැනි සීමාකිරීම් හමුවේ තිරිගු පිටි, ටයිල් වැනි කර්මාන්තවල මෙන් ද්විඅධිකාරි තත්ත්වයක් ඇති වී‍ම වළක්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙම වාහන ආනයන සීමා කිරීම් කොපමණ කාලයක් ක්‍රියාත්මක වේ ද යන්න පිළිබඳව කාරක සභාව විමසා සිටි අවස්ථාවේ දී නිලධාරීහු මේ බව පැවසූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී මෙම කරුණු සාකච්ඡා විය.

තවද 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නිෂ්පාදන බද්ද බදු ව්‍යුහය සරළ කිරීමට හදුන්වා දුන් බද්දක් බැවින් ආනයනයේදී නිෂ්පාදන බද්දට යටත්වන ඕනෑම මෝටර් රථයක් බද්දෙන් නිදහස් වීම සිදු වන බව අවධාරණය කර ඇත.

තව ද විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් මත බදු බර අඩු කිරීම සඳහා එවැනි පුද්ගලයන් භාවිතා කරන උපකරණ, කපා ඔප දැමීමෙන් පසු ප්‍රතිඅපනයනය කිරීමේ ශ්‍රී ලාංකික ව්‍යාපාරවල බදු බර අඩු කිරීමෙන් ගෝලීය වෙළෙඳපොළ තුළ වෙළෙඳපොළ තුළ තරගකාරීත්වය පවත්වාගෙන යාමට ප්‍රති අපනයනය කිරීම සඳහා ආනයනය කරන රළු ඔප දමා නොමැති මැණික් ගල්, අනෙකුත් ආනයන බදු ඉවත කර ඇති ලෙසම තීරුබදු රහිත සාප්පුවල විකුණනු ලබන ඕනෑම භාණ්ඩයක් සමාජ ආරක්ෂණ දායකත්වය බද්දෙන් නිදහස් කිරීම සඳහා සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතේ පළමුව උපලේඛනය සංශෝධනය කිරීම සිදු වේ.

කෙසේ වෙතත්, ආබාධිත පුද්ගලයන් සඳහා ප්‍රවේශය තවමත් පහසු නොවන අවස්ථාවක දී බදු බර අඩු කිරීම ඔවුන් භාවිත කරන උපකරණ නිදහස් කිරීමේ ඵලදායිතවය පිළිබඳව කමිටුව පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි