නවතම පුවත්

විශේෂඥ වෛද්‍යවරු රට ගියාම ඇතිවන හිඟය පියවන්න රජය ගත් තීන්දු

අසංක

අසංක

මෙරට තුළ සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරුන් විදේශ ගතවීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවන ගැටලු විසදීමට රජය තීරණ කිහිපයක් ගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය මහතා පවසයි.

ඒ අනුව යම්කිසි විශේෂඥ වෛද්‍යවරයකු විශ්‍රාම ගත් පසුව එම ස්ථානයට වෙනත් වෛද්‍යවරයෙකු නොමැති නම් හෝ වෙනත් විශේෂඥ වෛද්‍යවරයකු පත් කරන තෙක් හෝ උපරිම වර්ෂයක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත සේවය කිරීමේ හැකියාව ලැබේ.

වසරක් ගත වීමෙන් අනතුරුව ද එම ස්ථානයට විශේෂඥ වෛද්‍ය වරයෙකු පත් කර නොමැති අවස්ථාවක දී තවදුරටත් ඔහුට සේවය කිරීමේ පහසුකම්ද සලසා දී ඇති බව විජේසූරිය මහතා කියා සිටී.

තවද විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීමට බඳවා ගන්නා සංඛ්‍යාව වැඩි කිරීමට ද රජය පියවර ගෙන තිබේ.

සමාන්‍ය වෛද්‍යවරයකු විශේෂඥ වෛද්‍යවරයකු බවට පත් කිරීමට වසර 5ක පමණ කාලයක් ගතවේ.

වෛද්‍යවරු 600 ක පමණ සංඛ්‍යාවක් විදේශගත වී සිටී.

ඉදිරියේදී විශේෂඥ වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට ද නියමිත බව හෙතෙම කීය.

ඉන් 50% ක පමණ ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවට පැමිණියද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුදය විසඳෙන බව ද විජේසූරිය මහතා කීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා