නවතම පුවත්

රංගගේ කතාවට පාක්ෂිකයන්ගෙන් විවේචන

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ටයිකෝට්කාරයෝ පක්ෂයේ ලොකු පුටු අල්ලන්න එනවා” යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පසුගියදා මාධ්‍යයට ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති හා ප්‍රබල ක්‍රියාධාරීන්ගේ දැඩි විවේචනයට ලක් වී ඇතැයි වාර්තා වේ.

පක්ෂ අභ්‍යන්තරයේ පවතින යම් තත්ත්වයක් මේ විදිහට ප්‍රසිද්ධ මාධ්‍යවලට හෙළිකිරීම තුළින් පක්ෂයේ ගැටුම් ඇති බව පෙන්වා පාක්ෂිකයන් හා පාවෙන ඡන්දදායකයන් තුළ පක්ෂය පිළිබඳ කලකිරීමක් ඇතිවන ආකාරයට මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීම ඉතාම වැරදි ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පවසයි. එක්සත් ජාතික පක්ෂය ටයිකෝට් විරෝධී පක්ෂයක් නොවන බවත් පක්ෂයේ ආරම්භකයා ඩී.එස්.සේනානායක සහ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ටයි කෝට්කාරයන් බවත් එවැනි තත්ත්වයක් තුළ ටයිකෝට්කාරයන්ට විරෝධයක් ගොඩ නැගීම රංග බණ්ඩාරගේ ග්‍රාමීය හීනමාන ලක්ෂණ ඉස්මතු වීමක් බව ප්‍රබල වෘත්තීය සමිති ක්‍රියාකාරීන් කීපදෙනකු අප සමග මේ පිළිබඳ අදහස් දැක්වීමේදී පැවසීය.

පක්ෂයට මේ වෙලාවේ අවශ්‍යවන්නේ රටටත් ජනතාවටත් පක්ෂයටත් වැඩ කළ හැකි වැඩකාරයන් බවත්, ඔවුන් ටයිකෝට්කාරයන්ද සරම් කාරයන්ද අඹුඩකාරයන්ද යන්න එහි දී වැදගත් නොවන බව එම වෘත්තීය සමිති ක්‍රියාකාරීහු පැවසූහ.රංග බණ්ඩාරගේ මෙවැනි ප්‍රාථමික ජාතිකවාදී කතාවලින් පක්ෂයේ පදනම වූ මෙරට නාගරික මධ්‍යම පාන්තික ජනතාව අපහාසයට ලක් කිරීම පක්ෂයට විශාල හානියක් බවත්, විශේෂයෙන් නීතිඥවරු, වෛද්‍යවරු ව්‍යාපාරිකයන්,රජයේ උසස් නිලධාරීන් ,බැංකු හා පුද්ගලික අංශයේ විධායක ශ්‍රේණිය වැනි එක්සත් ජාතික පක්ෂය සමඟ දේශපාලන ලේ ඥාතීත්වය ඇති සමාජ කංඩායම් මේ තුළින් එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලන වශයෙන් ඈත්වීමට ලක්විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.එම නිසා මෙය වහාම නිවැරදි කළ යුතු බව ඔවුහු පවසති .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා