ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර යෝජිත සටන් විරාමය අද (24) එරට වේලාවෙන් උදෑසන 7ට ඇරඹෙන බව කටාර් විදේශ අමාත්‍යාංශය පවසයි.
දෙපාර්ශ්වය අතර සටන් විරාමය ඇති කිරීමට මැදිහත්කරු ලෙස කටයුතු කරන්නේ කටාර් රාජ්‍යය යි.
ඇතිවී තිබෙන එකඟතාව අනුව අද සවස ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 13 දෙනෙක් නිදහස් කිරීමට ද හමාස් සංවිධානය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
නිදහස් කිරීමට නියමිත ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් ගණන 50කි.
ඊට හිලව් වශයෙන් ඊශ්‍රායලය දින 4ක් සඳහා ප්‍රහාර නැවැත්වීමටත් සිරගත කර සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් නිදහස් කිරීමටත් නියමිතය.