නවතම පුවත්

පොලීසිවල කල් ඉකුත් වූ කඳුළු ගෑස්

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

පොලීසියේ මධ්‍යම අවි ගබඩාව තුළ භාවිතයට ගත නොහැකි අවි, පතොරම් හා කැරලි මර්දන උපකරණ හා සංග්‍රාමික උපකරණ විශාල ප්‍රමාණයක් විනාශකරන තෙක් කන්ටේනර් පෙට්ටි 09ක් තුළ අවිධිමත් හා ගණනය කළ නොහැකි ලෙස ගොඩ ගසා ඇතැයි නවතම විගණන වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.

රාජ්‍ය ආයතනවල මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විගනකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2022 වසරට අදාලව නිකුත් කළ විගණන වාර්තාව මගින් ඒ බව අනාවරණය කර ඇත.

එම විගණන වාර්තාවට අනුව මධ්‍යම අවි ගබඩාවේ බඩු වට්ටෝරු ලේඛනයට අනුව භාවිත කිරීමට නොහැකි C S Tear Gas (shells) උණ්ඩ 4,844ක් හා C S Tear Gas (Grenades) 4,992ක් තිබිය යුතු වූවද ගබඩාවේ පැවති 1,056 (893 ක් හා 163ක්) ක ප්‍රමාණය හැර ඉතිරි ප්‍රමාණය පිළිබඳ ලේඛනගත තොරතුරු අසම්පූර්ණ ඒවා බවද සඳහන්කර තිබේ.

කෙසෙල්වත්ත හා නාරාහේන්පිට පොලිස් ස්ථාන දෙකෙහි පැවති Tear Gas 871 ක ප්‍රමාණය 2004 , 2005 හා 2012 වර්ෂවල නිෂ්පාදිත ඒවා බවත් ඒ අනුව කල් ඉකුත් වූ Tear Gas තොග පොලිස් ස්ථාන සතුව පැවති බවත් එම විගණන වාර්තවේ දැක්වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා