නවතම පුවත්

ලන්දේසීන් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි මෙරටට ගෙනේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වර්ෂ 1756 දී ආක්‍රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් මඟුල් කඩුව, ලෙව්කේ මහ දිසාවගේ කාලතුවක්කුව ඇතුළු කෞතුක භාණ්ඩ 06ක් අද (29) යළිත් නෙදර්ලන්තයේ සිට දිවයිනට රැගෙන විත් තිබේ.

මෙම කෞතුක භාණ්ඩ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ මඟුල් කඩුව, රජතුමාට අයිති රිදී කස්තානය, රජතුමාගේ රන් පිහිය, ලෙව්කේ මහ දිසාවගේ කාලතුවක්කුව සහ තවත් මහ තුවක්කු දෙකක් වන බව සඳහන්ය.

මෙම කෞතුක භාණ්ඩ අද අලුයම 05.05ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 554 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපොළ වාර්තා සඳහන් කළේය.

නෙදර්ලන්තය තුළ ලන්දේසීන් විසින් පැහැර ගත් තවත් මෙරටට අයත් කෞතුක භාණ්ඩ රාශියක් ඇති අතර එම කෞතුක භාණ්ඩ ඉදිරි කාලයේ දී කොටස් වශයෙන් මෙරටට රැගෙන නියමිතව තිබේ.

මීට අමතරව එංගලන්තය ඇතුළු තවත් විදේශ රටවල් විස්සක පමණ මෙරටින් පැහැරගත් විශාල කෞතුක භාණ්ඩ තොගයක් ඇති අතර එම භාණ්ඩ ද ඉදිරියේදී දිවයිනට රැගෙන ඒමට නියමිතය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!