නවතම පුවත්

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

අසංක

අසංක

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබේ.

ජනාධිපති ලේකම්කාර්යාලයේදී අදාල පත්වීම ලබාගැනීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතුවල නිරත විය.

රටේ ජාතික ආරක්ෂාව තම මුඛ්‍ය අවධානය බවත් ඉන්පසුව මෙරට මත්ද්‍රව්‍ය තුරන් කිරීම අරමුණ බවත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම කීය.

මේ අතර පොලිස්පති ධුරයට පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරයි.

පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය තුළ අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට අදාළ වේ.

අමාත්‍ය මණ්ඩලය ගනු ලබන මෙම තීන්දුව අනුව ඉදිරියේදී පොලිස්පති ධුරයට පත්වන ඕනෑම නිලධාරියෙකුගේ සේවා කාලය උපරිම වශයෙන් අවුරුදු 3කට සීමාවෙයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා