නවතම පුවත්

විදේශ සේවාවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළව රුපියල් බිලියන 3ක් මීට පෙර ලබාදී තිබූ අතර ඉතිරි බිලියන 4ක චෙක්පත ලබාදීම අද සිදුකෙරිණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබාදීම සිදුකර ඇත.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් මෙම මුදල් ලබාදී තිබේ.

ගතවූ මාස 18 ක කාලය තුල විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් ලබා ගැනීමට හැකි වූ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා විදේශ ගත ශ්‍රමිකයින් හට හදුන්වා දුන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදීම, විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් වෙනුවෙන් වෙනම ද්වාරයක් විවෘත කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාව දැණුවත් කළේය. 

මීට පෙර ඉතිහාසය පුරා අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකා  විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 3382ක මුදලක් ලබා දී තිබුනද එක් වර්ෂයක් තුලදී රුපියල් බිලියන 7ක මුදලක් ලබාදුන් පළමු අවස්ථාව මෙයයි.

මේ අතර ගරු සරු වැඩසටහන මගින් මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නිතරවන පිරිසට ගෞරවයක් ලබාදීමටත්, ඔවුන් සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා එක් කර ගනිමින් ශ්‍රම වෙළෙඳ පොළට අදාල තොරතුරු පද්ධතියට සම්බන්ධ කිරීම, සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාව දැනුවත් කළේය. 

මෙරට තුලට ප්‍රේෂණ ගලා ඒම වර්ධණය කිරීම සඳහා විදේශගත ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍ර හදුන්වාදීම හා ඒ හා සම්බන්ධ කරුණු, විදේශගත ශ්‍රමිකයන්ගේ සංගම් ඇති කරමින් කරගෙන යන වැඩපිළිවෙල, ස්මාට් ක්ලබ් වැඩසටහන යටතේ සිදුකරන වෘත්තිය මාර්ගෝපදේශන වැඩසහන්, පිළිබඳවද අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය. 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා