නවතම පුවත්

IMF ආධාර වැඩසටහනේ ප්‍රගතියක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි.

නොවැම්බර් මසදී 2024 අයවැය යටතේ ප්‍රගතිය මැනීමට ආධාර වන වාර්තා කිහිපයක් ප්‍රසිද්ධ කිරීමත් සමග ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය මෙලෙස ඉහළ ගිය බව වෙරිටේ රිසර්ච් ආයතනය කියයි.

අයි.එම්.එෆ්. මීටරයේ මෙතෙක් ‘නොදනී’ ලෙස වර්ග කර තිබූ කැපවීම් 6ක් පිළිබඳ තොරතුරු එම වාර්තාවලින් ලැබුණු බවත්, ඉන් කැපවීම් 5ක් ශ්‍රී ලංකාව ඉටු කර ඇති බවත් එම ආයතනය සඳහන් කරයි.

නමුත්, තවමත් ආධාර වැඩසටහනේ එක් කැපවීමක් වන බදු ආදායම් ඉලක්කය සපුරා ගැනීම ශ්‍රී ලංකාව ඉටු කර නොමැති බව ද වෙරිටේ රිසර්ච් ආයතනය කියයි.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහන යටතේ නොවැම්බර් මස අවසන් වන විට ඉටු කළ යුතු කැපවීම් 73න් 12ක් ඉටු කර නොමැති ලෙසත්, 15ක් නොදනී ලෙසත්, 46ක් ඉටු කර ඇති ලෙසත්, අයි.එම්.එෆ්. මීටරයෙන් වර්ග කර තිබෙන බව එම ආයතනය සඳහන් කරයි.

සමස්තයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ නොවැම්බර් මස අවසාන වන විට ඉටු කළ යුතු කැපවීම්වලින් සියයට 63ක් ශ්‍රී ලංකාව ඉටු කර අවසන් බව ද වෙරිටේ රිසර්ච් ආයතනය කියයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා