නවතම පුවත්

නව වසරේ මුල් දින හතරට සංචාරකයන් 25000ක්

අසංක

අසංක

(රමේෂ් ව‍රල්ලෙගම)

2024 වසරේ පළමු දින 04 තුළ පමණක් සංචාරකයින් 25,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ජනවාරි මස පළමු වැනි දින සිට 04 වැනි දින දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 25,619 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඉන් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් 5,060 දෙනෙකු රුසියාවෙන් පැමිණ ඇති අතර, ඉන්දියාවෙන් ද සංචාරකයන් 3,333 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඊට අමතරව ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය, නෙදර්ලන්තය සහ අමෙරිකාව යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

පසුගිය වසර තුළ පමණක් සංචාරකයින් දා හතර ලක්ෂ අසූ හත්දහස් තුන්සිය තුන් දෙනෙක් දිවයිනට පැමිණ ඇති අතර, මේ වසරේ එම සංඛ්‍යාව ලක්ෂ 23 දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා