නවතම පුවත්

ශනිල් ප්‍රනාන්දු ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා සභාපති ධූරයට යළි පත්වේ.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති ධුරයට ශනිල් ප්‍රනාන්දු මහතා පසුගියදා තේරී පත්විය.එහි ලේකම් ධූරයට හේමකුමාර ගුණසේකර මහතා ද නැවත තේරී පත් වී ඇත.


පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාත්‍යන්තර වාණිජ මණ්ඩලීය ශ්‍රී ලංකා ශාඛාවේ 57 වාර්ෂික මහ සභාවේ දී තේරී පත් වූ නව නිලධාරි මණ්ඩලයේ උපසභාපතිවරු වශයෙන් කපිතාන් නලින් ප්‍රනාන්දු,ජොනී ප්‍රනාන්දු හා එස්.ජයවර්ධන මහත්මිය ද උපලේකම් වශයෙන් බුද්ධප්‍රිය රාමනායක මහතා ද භාණ්ඩාගාරික ලෙස බී.ඒ.එච්.එස්.ප්‍රීනා මහතාද නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙසමනිෂා රාජපක්ෂ මහත්මිය ද ඇතුළු විසි හතර දෙනකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් ද උපකමිටු (18) දහ අටක නියෝජිතයන් ද පත් වූ බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලීය ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජීව කරුණාරත්න මහතා පවසයි.

වසර හැත්තෑවක් (70) පැරණි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ රටවල් එකසිය හැත්තෑවක (170) සමාගම් ලක්ෂ (450) හාරසිය පනහක් සාමාජිකත්වය දරති.

tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!
image-9
හොඳ රටක් අපට දුන්න නම් ණය ගන්න වෙන්නෑ..- නලින්ද
image-8
පාරවල් හැදීම ආර්ථික වර්ධනයට ඉතා වැදගත්..- ජනපති
image-7
දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් අරගෙන!
IMAGE-1
Ceylon Energy හාHJT China එක් වී SESRIPව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි
image-5
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව (ICC Sri Lanka ) තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
image-4
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
image-3
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
image-1
ප්‍රබල අකුණු තත්වයක් !
image
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !