නවතම පුවත්

එක්සත් රාජධානියේ NHS හා Care England UK සමඟ IIHS ගිවිසුම් ගත වේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ ප්‍රමුඛ සෙෳඛ්‍ය සෙවා සහකරුවන් දෙදෙනෙකු වන National Health Services (NHS) සහ Care England UK සමඟ සෘජු සම්බන්ධතා ඇති කර ගත් දකුණු ආසියාවේ පළමු සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය බවට පත් වේ. IIHS සහ NHS අතර අවබෝධතා ගිවිසුමකට වත්තල IIHS පරිශ්‍රයේදී අත්සන් තබන ලද අතර ඒ යටතේ විෂය නිර්දේශ සැකසීම, සායනික පුහුණු වැඩසටහන් සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් සම්බන්ධයෙන් ආයතන දෙක අන්‍යොන්‍ය සහයෝගයෙන් කටයුතු කරයි. එමඟින් IIHS ආයතනයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා ප්‍රමිතිවලට සහ භාවිතවලට අනුගත වේ. මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස සෙෳඛ්‍ය වෘත්තිකයන් හා හෙද හෙදියන් සියයකට අධික පිරිසකට එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට හැකි විය.

Care England UK සමඟ ඇති කර ගත් සහයෝගිතාව පුළුල් වපසරියක විහිදුණු සෞඛ්‍ය අධ්‍යාපන පහසුකම් සැපයීමට IIHS සතු කැපවීම ඉහළ නංවයි. වැඩිහිටියන් සඳහා සමාජ ආරක්ෂණ සේවා සපයන්නන් නියෝජනය කරන Care England UK ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති, පුහුණු වැඩසටහන් සහ විෂය නිර්දේශ සඳහා තත්කාලීන සිද්ධි අධ්‍යයන වැනි දෑ සම්බන්ධයෙන් IIHS සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. Care England UK ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය මාටින් ග්‍රීන් මහතා පසුගියදා IIHS ආයතනයේ සංචාරයක නිරත වූ අතර ඔහු පැවසුවේ මෙම සහයෝගිතාව තුළින් ආයතන දෙකටම වාසි රැසක් සැළසෙන බවයි.

මෙම හවුල්කාරිත්ව මෙරට පමණක් නොව දකුණු ආසියානු කළාපයේ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් අවස්ථා රැසක් නිර්මාණය කරන බවත්, ඒ හරහා සාම්ප්‍රදායික සීමා බිඳ හෙලමින් ශාස්ත්‍රීය විශිෂ්ටත්වය සහ සැබෑ ලෝකයේ සෞඛ්‍ය සේවා භාවිත අතර ඇති පරතරය පියවීමට හැකි වනු ඇති බවත් IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේය. එය ශ්‍රී ලාංකික හෙද නිලධාරීන්, උපස්ථායකන් සහ උපස්ථායක සහායකයන්ට එක්සත් රාජධානියේ ඉහත කී ආයතන ද්විත්වයේ රැකියා අවස්ථා ලැබීමටද ඉවහල් වන බවද ඔහු සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය විදේශ විනිමය රැගෙන ඒමටද මෙම ක්‍රියාදාමය ප්‍රබල පිටිවහලක් වන බවද එදිරිසිංහ මහතා සඳහන් කළේය. IIHS වෙතින් පූර්ණ උසස් අධ්‍යාපනය ලබා NHSහි සේවය කිරීම සඳහා ඔවුන් විසින්ම තෝරා ගන්නා ලද උශානි ශම්මිකා බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ උපන් දිනයට සුභ පැතීම සඳහා එක් කර ගැනීමද සුවිශේෂ සිද්ධියක් වේ.

tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!
image-9
හොඳ රටක් අපට දුන්න නම් ණය ගන්න වෙන්නෑ..- නලින්ද
image-8
පාරවල් හැදීම ආර්ථික වර්ධනයට ඉතා වැදගත්..- ජනපති
image-7
දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් අරගෙන!
IMAGE-1
Ceylon Energy හාHJT China එක් වී SESRIPව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි
image-5
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව (ICC Sri Lanka ) තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
image-4
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
image-3
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
image-1
ප්‍රබල අකුණු තත්වයක් !
image
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !