නවතම පුවත්

78 ව්‍යවස්ථාවේ තවමත් හෙළිනොවූ අභිරහස !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(උපුල් ජනක ජයසිංහ)

“තමන් අවුරුදු ගානක් බලාගෙන හිටි අවස්ථාව ලැබුණු විගස ජේ.ආර් ජයවර්ධන ඔහුට අවශ්‍ය පරිදි රට පාලනය කිරීමට ගෙන ආ 78 ව්‍යවස්ථා⁣ව හැදුවේ කවුද,එහි කර්තෘ කවුද,ඒක ලිව්වේ කවුද කියලා කිසිවෙක් අදටත් දන්න කෙනෙක් නැහැ. එදා ඒ ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් අයත් ඒක දන්නේ නැහැ.ජේ.ආර්.ඒ ව්‍යවස්ථාව හැදුවේ එයා වෙනුවෙන්ම’ යැයි හොංකොන් විශ්ව විද්‍යාලයේ හිටපු මහචාර්ය නිහාල් ජයවික්‍රම මහතා පවසයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාර පැවැත් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු මැයෙන් පසුගියදා (18) කොළඹ පැවැති විද්වත් සංවාදයේදීය.

එහි දී තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවසීය

“,රටක ආර්ථික සංවර්ධනය කරන්න නම් ජනප්‍රිය නොවන නිවැරදි තීන්දු ගත හැකි ජනතා ඡන්දයෙන් පත්වන, විධායක ජනාධිපති ධූරයක් ඇති කළ යුතු බවට ජේ.ආර්. මුලින්ම ය 1966 පක්ෂයට යෝජනා කළ අවස්ථාවේ එකල පක්ෂයේ නායකයා වූ ඩඩ්ලි සේනානායක ඒ අදහසට තදින්ම විරුද්ධ වුණා.1971 දී එ.ජා.පක්ෂ කෘත්‍යාධිකාරි මංඩලයට නැවත මේ යෝජනාව ජේ.ආර්.ගෙනා අවස්ථාවේ ප්‍රේමදාස ඒක ස්ථිර කළත්,එ.ජා.පක්ෂය ඒක සම්මත කළේ නැහැ.ඒ නිසා ජේ.ආර්.එයාට බලය ලැබුණ ගමන් ඔහු තමන් වෙනුවෙන්ම හදාගත්ත එකක් තමයි මේ 78 ව්‍යවස්ථාව.

නමුත් ඒ ව්‍යවස්ථාව ලිව්වේ කවුද කියලා කවුරුත් අදත් දන්නේ නැහැ.එයා විධායක ජනාධිපති ධූරය හදා ගත්තේ අධිකරණයටත් වඩා උඩින් ජනාධිපති ඉන්න තත්ත්වයෙන්.ලෝකයේ රටවල් රැසක රටවල් ජනාධිපතිධූරය තිබුණත් විධායක ජනාධිපති ධුරය අසමත් වූයේ හා විධායක ජනාධිපති ධුරයට මේ තරම් විරෝධතා ඇති වුණේ ලංකාවේ පමණයි.”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා