තිලාන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු ගිවිසුම් වලින් ඉවත් වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලාන් සමරවීර එම ආයතනය සමග පවතින සියලු ගිවිසුම්වලින් ඉවත් වී තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත භාර දෙමින්.

අදාළ ලිපියට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය හිමිව ඇති අතර මාස 3ක වැටුප් ද ලබා දෙමින් ඔහු සියලූ ගිවිසුම්වලින් නිදහස් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.