නවතම පුවත්

රජයේ ක්‍රියාවලියට රිචඩ් වර්මාගේ පැසසුම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය ගනු ලබන පියවර අගය කරන බව අමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (23) පෙරවරුවේ පැවති හමුවේ දී මේ බව සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදු කෙරෙන ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා මෙහි දී එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා දැනුම්වත් කර තිබේ.

ගෝලීය ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡාවට ලක් වූ අතර, රතු මුහුදේ සිදු කෙරෙන නාවික මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා රජය ලබාදුන් සහාය වෙනුවෙන් නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තූතිය ද පළ කර ඇති බව සඳහන් ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා