නවතම පුවත්

ඥාණසාර හිමියන් නිදහස් කිරිමට තවමත් ජනාධිපති අනුමැතිය නෑ. මහින්ද අමරවීර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සිරගතකොට ඇති ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරිම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තවමත් අනුමැතිය ලබා දී නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සදහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. කෙසේ වෙතත් ඥාණසාර හිමියන් නුදුරේදීම නිදහස් කරනු ඇතැයි තමා විස්වාස කරන බව අමරවීර මහතා ප්‍රකාශ කලේය.

මේ වන විට රටතුල ඥාණසාර හිමියන් නිදහස් කල යුතු බවට මතයක් නිර්මාණය වී ඇති බවද ඊට තමාද එකගවන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේය.

මේ අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කල‍ේ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි නිදහස් කරන ලෙසට තවමත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට (පස්වරු12.30ට වන විට) උපදෙස් ලැබී නොමැති බවයි

උන්වහන්සේ නිදහස් කිරීමට අදාළ නියෝගය අද දිනය තුළදිම ලැබුණහොත් අද දිනය තුළදිම උන්වහන්සේ නිදහස් කිරිමට හැකිවා තිබෙන බවත් අප කළ විමසුමකදී ඔහු සඳහන් කළේය. නිදහස් කිරීමේ නියෝගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා