ලෝක කුසලානයේ නිල රූපවාහිනි විකාශනයන් මෙන්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එළැඹෙන ලෝක කුසලාන එක්දින තරගාවලියේ නිල විකාශකයින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සි.සී.) විසින් එළිදක්වා ඇත. ඒ අනුව මෙවර ලෝක කුසලානයේ තරග රටවල් 200ක සජීවී විකාශනයක් ලෙසින් විසිරුවා හැරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) තීරණය කොට ඇත්තේ නිල විකාශකයින් 25 දෙනෙකු හරහාය.

මෙහිදී ශ්‍රී ලංකාවට සිය විකාශන කටයුතු සිදු කිරීමට අවසර ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හරහාය. මෙහිදී පළමු වරට ඇෆ්ගනිස්ථානයටද සජීවී රූපවාහිනී ක්‍රිකට් විකාශනයක් ලබා දීමට අයි.සී.සී. ය තීරණය කොට ඇත. මේ සඳහා ප්‍රවීණ විස්තර විචාරකයින් 50කගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සිය සේවය සැපයීමට සූදානමින් සිටියි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය එළඹෙන මැයි 30 වැනිදා සිට ජූලි 14 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වේ.