නවතම පුවත්

නව ඔන්ලයින් පනතට , ජගත් මානව හිමිකම් කොමිසමේ විරෝධය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නව පනත් කිහිපයක් හඳුන්වාදීම මගින් ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ඔන්ලයින් ආරක්ෂණ පනත, ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත් කෙටුම්පත ඇතුළු රජය විසින් හඳුන්වාදී ඇති නව පනත් කෙටුම්පත් මගින් රැස්වීමේ සහ ප්‍රකාශනයේ නිදහස දැඩි ලෙස සීමා වන බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී අදහස් දක්වමින් මානව හිමිකම් මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

විධායකයට සහ ආරක්ෂක හමුදාවන්ට පුළුල් බලතල ලබාදෙමින් හඳුන්වා දී ඇති මෙම නව නීති මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බව  මානව හිමිකම් මහකොමසාරිස්වරයා පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය මෙන්ම දරිද්‍රතාවය සහ ජනතාවගේ ආදායම් මට්ටම පහත වැටීම පිළිබඳව ද ටර්ක් මහතා මෙහිදි අවධාරණය කර තිබේ.

මානව හිමිකම් කඩකිරීම් සහ ආර්ථික අපරාධ විමර්ශනය කර නඩු පැවරීම සඳහා විශ්වසනීය වගවීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර සැබෑ සංහිදියාව සහ තිරසර සාමය ළඟා කරගැනීමට රජය කැපවී කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා