පාසල් නොසන්සුන් කරන කුමන්ත්‍රණයක් හෙළිවේ

Picture of අසංක

අසංක

රටේ ආරක්ෂක තත්වය සාමාන්‍ය අතට හැරී පාසල්වලට සිසුන් පෙර පරිදි පැමිණීම කඩාකප්පල් කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් දියත් වෙමින් ඇතැයි පොලීසිය සැක පළ කරයි.

මේ බව පෙනී ගොස් ඇත්තේ අද අලුයම 4.30ට පමණ බදුරලිය ප්‍රදේශයේ පාසල් භූමියේ තිබී හමුවූ අත්බෝම්බ 13ක් සහිත පාර්සලයක් හමුවීමත් සමඟයි.

එම පාර්සලය තුළ තිබී ඇත්තේ පැරණි මළ කෑ අත්බෝම්බ බව පොලීසිය පැවැසීය.

කළුතර ප්‍රදේශයේ දෙවැනි වතාවටත් නිවාස පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින පසුබිමක මෙවැනි පාර්සලයක් හමුවීම හිතාමතා කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පෙනී ගොස් ඇතැයි පොලීසිය පෙන්වා දෙයි.