නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රාගල ශාඛාව නව නිවහනකට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ ආයතනයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රක්ෂණ කටයුතු පුළුල් හා කාර්යක්ෂමව සැපයීමේ අරමුණින් මැයි 08 වන දින රාගල නගරයේ නව පරිශ්‍රයකට ප්‍රවිෂ්ට විය. අංක 30, උඩුපුස්සැල්ලාව පාර, හල්ග්‍රන්ඔය, රාගල ලිපිනයේ පිහිටි මෙම නවතම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මානව සම්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි නිලන්ත පියසේන මහතා ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ පිරිසක් සහ කාර්ය

මණ්ඩලයේ සාමාජිකයෝ රැසක් සහභාගි වූහ. රාගල ප්‍රදේශයේ පාරිභෝගික ජනතාවට වඩාත් සමීප වෙමින් කඩිනම් රක්ෂණ සේවා සැපයීම අරමුණු කර ගත් නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත මෙම නවතම ශාඛාව වඩාත් නිවැරදි තක්සේරු, වේගවත් හිමිකම් පියවීම්, පූර්ණ රැකවණය ඇතුළු පුළුල් පරාසයක විහිදුණු රක්ෂණ සේවා රැසක් පිරිනැමීමට සූදානමින් සිටී.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මානව සම්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිලන්ත පියසේන මහතා මෙසේ පැවසීය. “සේවා විශිෂ්ටත්වය ළඟා කර ගැනීමට මෙසේ ශාඛා ජාලය පුළුල් කිරීම ඉතා වැදගත්. ‘ක්ෂුද්‍ර රක්ෂණයේ වැඩිම සේවාදායක පදනමක්’ යන අපගේ දැක්ම වෙත යන ගමන සාර්ථක කර ගැනීම සහ රක්ෂණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දැවැන්ත සමාගමක් බවට පත් වීම අපගේ අරමුණයි. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් අඛණ්ඩව දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍ර වෙමින් දිවයින පුරා සියලුම ජනතාවට වඩාත් ළෙන්ගතු සේවාවක් සපයමින් සිටියි. සියලු ජීවිත රක්ෂණ අවශ්‍යතා සඳහා එකම වහලක් යටතේ සේවා සැපයීමේ පරමාර්ථය ඇතිව පාරිභෝගිකයන්ට ඉතා ඉහළ විශ්වසනීය ප්‍රතිලාභ හා සේවා සපයන්නෙකු ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වමින් සිටින සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සතුව දිවයින පුරා ශාඛා 100කට ආසන්න සංඛ්‍යාවක් ඇත.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)