නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

පල්ලේගම විජිත හිමියන්ගේ පැවිදි දිවියට සිව් දශකයක් සපිරේ.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නවදිල්ලි ශ්‍රී ලංකා වන්දනා නිකේතනාධිපති සහ රජගහනුවර වේළුවන ලංකාරාමාධිපති දඹදිව ආනන්ද බෝධි සමාගමේ උපසභාපති අති පූජ්‍ය පල්ලේගම විජිත හිමි පැවිදි දිවියට සිව් දශකයක් සපිරීම නිමිත්තෙන් පවත්වන විජිතාභි නන්දන කෘතගුණ පූජා පින්කම ජූලි හත්වෙනිදා (07)දවස පුරා දෙණියාය පල්ලේගම ඛෙත්තාරාම මහා විහාරයේ පැවැත් වේ.

“ඉන්දියාවේ රසම තේ එක දෙන රජගහනුවර පන්සලේ හාමුදුරුවන්” ලෙස ද “අමාරුවේ නොවැටී දිල්ලියේ යන හැටි කියලා දෙන නවදිල්ලියේ හාමුදුරුවන්” ලෙස ප්‍රකට පල්ලේගම විජිත හිමිපාණන්ගේ පැවිදි දිවියට වසර හතලිහක් සම්පූර්ණවීම නිමිත්තෙන් පවත්වන මෙම පින්කම් මාලාවට සමගාමීව, මොරවක් කෝරළේ පිරිවෙන් හි ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලා දහසකට (සුදු යකඩ) සුවිශේෂ පාත්‍රා පූජාවක් ද තමන්ගේ පැවිදි දිවිය පෝෂණය කළ සතර පේරුවේ දායක දායිකාවන් හාර දහසකට (4000) දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද, තමන්ට දන් පැන් ද දෙමින් තමන්ව රැකබලා ගත් දායක පවුල් දෙදහසකට උපහාර පිදීම ද මෙදින සිදු කෙරේ.

මීට සියවසකට එහා මොරවක් කෝරලේ මහා දානපති ඒ.ඒ.ඩබ්.මුහන්දිරම්තුමා ඉදිකළ මෙම විහාරස්ථානයේ ධර්ම ශාලාව මීට වසර හතලිහකට පෙර එතුමන්ගේ පුත්‍ර රත්නය වන කෝලිත රත්නායක මහතා ප්‍රමුඛ එම පවුලේ සාමාජිකයන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම නිසා මේ වන විට අබලන් වී ඇති බැවින්, ධර්ම ශාලාව ඇතුළු විහාරාරාම ප්‍රතිසංස්කරණය සඳහා සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවා එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර වසරක් ඇතුළත එම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමේ කටයුතු ද මෙදින ආරම්භ කෙරෙන බව විහාර සංවර්ධන කාර්ය සාධක සභාව පවසයි.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)