නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

වසර 4කට පෙර ගත් වැටුපේ අද වටිනාකම 20%කටත් වඩා අඩුවෙලා

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ වසර 4කට පෙර ගත් වැටුපක සැබෑ වටිනාකම අද වනවිට 20%කින් 36%කින් පමණ අඩුවී ඇති බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසන්නේ නාමික වැටුප කොතරම් වැඩි කළත් ඊට සාපේක්ෂව එයට වඩා වැඩි වේගයකින් උද්ධමනය ඉහළ යනවා නම් වැටුපේ සත්‍ය වටිනාකම හෙවත් මූර්ත වැටුප පහළ යන බවයි.

එබැවින් හැමවිටම සලකා බැලිය යුත්තේ නාමික වැටුප සහ එම වැටුපෙන් මිලදී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය පිළිබඳව බව මහාචාර්යවරයා කියාසිටී.

ශ්‍රී ලංකාවේ මෑත කාලීනව වැටුපේ සත්‍ය වටිනාකම පිළිබඳ සලකා බැලූ විට පෙනී ගොස් ඇත්තේ 2020 න් පසුව රාජ්‍ය සේවක වැටුපේ සත්‍ය වටිනාකම 36% කින් පහළ ගොස් ඇති බව යැයි මහාචාර්යවරයා කියයි.

එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සත්‍ය වැටුපේ වටිනාකමෙහි පහළ යෑම 20%ක් බව ඔහු අවධාරණය කළේය.

කිසියම් අයකු 2020 වසරේ දී රුපියල් 50,000 ක් වැටුපක් ලබපු පුද්ගලයෙක් නම් 2024 පෙබරවාරි වන විට එහි සත්‍ය වටිනාකම රුපියල් 32,000 දක්වා අඩුවී ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

2020 වසරේදී රුපියල් ලක්ෂයක වැටුපක් ලැබූ අයකුගේ වැටුපේ වටිනාකම මේ වසර වන විට රුපියල් 64000 කි.

2020 දී රුපියල් 200,000 ලැබූ අයකු 2024 දී ලබන වැටුපේ සත්‍ය වටිනාකම 128,000 දක්වා අඩුවී ඇති බව මහාචාර්යවරයා තවදුරටත් පෙන්වා දෙයි.

එසේම 2017 වසරට සාපේක්ෂව 2024 පෙබරවාරි වන විට වැටුපේ වටිනාකම 56% කින් අඩුවී ඇත.

2017දී රුපියල් 50,000 වැටුපේ වටිනාකම 2024 වනවිට රුපියල් 22,000 දක්වා අඩුවී තිබේ.

2017 වසරේදී රුපියල් 100,000 වැටුපේ සත්‍ය වටිනාකම රුපියල් 44000 දක්වාත් අඩුවී ඇත.

2017 දී රුපියල් 200,000 ලැබූ වැටුපේ වටිනාකම රුපියල් 88,000 දක්වාත් පහළ බැස ඇත.

මෙරට ශ්‍රම වෙළෙඳපොළ පහළ යෑමටද සෘජු ලෙසම බලපා ඇත්තේ වැටුපේ සත්‍ය වටිනාකම පහළ යෑමයි.

2024 වසරේ පළමු කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සක්‍රීයව දායක වන ශ්‍රම බළකාය 8,275,184 පමණ වේ.

ඉන් ග්‍රාමීය ප්‍රදේශවල 6,515,083 කුත් නාගරික ප්‍රදේශවල 1,388,862 ක් සහ වතුකරයේ 371,209 පමණ සිටින බව මේ වසරේ පළමු කාර්තුවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ ශ්‍රම බළකා සහභාගීත්ව පිළිබඳ සමීක්ෂණයෙන් අනාවරණය කරගෙන තිබේ.

මේ වනවිට මෙරට ශ්‍රම වෙළෙඳපොළ තුළ ශීඝ්‍ර අඩුවීමක් දැකිය හැකි බව ඔහු කියයි.

ඒ අනුව මෙරට තුළ 2018 වසර වන විට ශ්‍රම බළකාය 73%කි. නමුත් 2024 පළමු කාර්තුව වන විට එම අගය 67.2% දක්වා පහළ බැස ඇත.

නිශ්චිත වැටුපක් හිමි නොවීම මෙන්ම එම ලබන වැටුපේ වටිනාකමක් නොමැති වීම ශ්‍රම වෙළෙඳපළ හීන වීමට, කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව අඩුවීමට බෙහෙවින් බලපාන කරුණු ය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මෑත කාලීනව රට හැර යන පිරිස සීග්‍රයෙන් ඉහළ යමින් තිබේ.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)