WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන Post මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවට ශ්‍රී ලංකා සර්ට් ආයතනය නිරීක්ෂණය කොට ඇත.
ඒ අනුව විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, අධික ලාභදායී භාණ්ඩ online ක්‍රමයට ලබාදීම, රැකීරක්ෂා ආදිය සඳහා ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ සහ WhatsApp පණිවුඩ මගින් OTP password තොරතුරු ඉල්ලා එවන පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අනුකාරක (Fake web) වෙබ් අඩවි, සමාජ මාධ්‍ය (Social Media) වේදිකාවන්, SMS, WhatsApp හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම් කරුවන් ඔබ හා සම්බන්ධ වීමට උත්සහ දරනු ඇත. ඔවුන් විසින් ලබාදෙන links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධවන පුද්ගලයන්ගේ පරිගණක, ජංගම දුරකථනවල ඇති දත්ත සොරා ගැනීමෙන් විවිධ අපචාර සදහා මෙන්ම මුදල් වංචා ද සිදුකරනු ලබයි. විශේෂයෙන්ම WhatsApp පණිවුඩ මගින් එවනු ලබන OTP password තොරතුරු ඉලා සිටීම මගින් ඔබගේ whatsApp ගිණුම අපරාධ කරුවන්ගේ ග්රහනයට ගනු ලබයි. එමගින් ඔබගේ WhatsApp ගිණුම භාවිතා කරමින් විවිධ ආධාර ඉල්ලීම් වැනි කටයුතු සිදුකරනු ලබයි.
මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතර එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණයද වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි. අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ගනුදෙනු හා වෙනත් කාර්යන්හිදී ඔබගේ පුද්ගලික දත්ත ලබාදීමේදී අදාල කාර්ය සදහා එම දත්ත ලබාදීම කොතෙක් දුරට අදාළ වන්නේද යන්න විමසා සිටීම ඔබගේ අයිතියකි. එමෙන්ම අන්තර්ජාල ගනුදෙනුවලදී සමාජ මාධ්‍ය හා විවිධ සන්නිවේදන ජාල හරහා ලැබෙන පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීමට පෙර ඒවායේ නිතානුකුල භාවය හා ව්‍යාජ නොවන බව තහවුරු කරගන්න ලෙසද දැනුම් දෙයි. සැකසහිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ ලැබුණ හොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතන වල නිල වෙබ් අඩවිවලට පිවිසීමෙන් හෝ නිල දුරකථන අංක ඔස්සේ හෝ කරුණු විමසා සහතික කරගත හැකිය. එසේ සහතික කරගත නොහැකි පණිවුඩ විවෘත කිරීමෙන් වලකින ලෙස හෝ නොසලකා හරින ලෙස ශ්‍රීලංකා සර්ට් ආයතනය තවදුරටත් මහජනතාව ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම ඒ ඒ සමාජ මාධ්‍ය හා අන්තර්ජාල සේවාවන් ගේ ඇති ද්විත්ව සථාපනය වැනි ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන ලෙසද ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නවතම පුවත්
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන Post මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබා...
29 October 2024
මේ ඔක්කොටම මුල දූෂණයද?
(ඩැනියෙල් අල්ෆොන්සස් විසින් Daily FT වෙත ලියූ ලිපියක් ඇසුරෙනි )
හොරු අල්ලන්න ඕන – හොරා කාපු...
29 October 2024
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු...
29 October 2024
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
පසුගියදා (16) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති, කෘෂිකර්ම,...
24 October 2024
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
ආරුගම්බේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු...
23 October 2024
නව රජයේ ණයත් ඉහළට!
රාජ්‍ය ණය කළමනාකරණය
ණය කළමනාකරණයක මූලික අංග තුනකි. එනම්, ණය ගෙවීම, පොලී ගෙවීම සහ නව ණය ගැනීම යනාදිය...
23 October 2024
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
ලංකා විදුලිබල මණ්ඩලයේ නීති රීති උල්ලංඝනය කරමින් එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සභාපති ධූරය...
23 October 2024
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!
2024 වසරේ ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ දී විදෙස් සංචාරකයින් 55,353ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා...
17 October 2024
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
- 7 days ago
- 7 days ago
පැතුම් වික්‍රමරත්න
No posts found