ඉන්දු පකිස්තාන යුධ ගැටුම් තවදුරටත් ඇදීගියහොත් , එය න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්වීමේ ඉඩකඩක් ඇති බව ජාත්‍යන්තර යුධ විශේෂඥයින් අනතුරු අඟවා සිටී .
ඉන්දියාව හා පකිස්තානය යන දෙරටම සතුව නවීන හා ප්‍රබල ඝනයේ න්‍යෂ්ටික අවි පැවතීම ඊට හේතුවයි .
ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් දෙක ම සතුව මෙලෙස න්‍යෂ්ටික අවි ඇති නමුත් ඒ ගැන නිශ්චිත වාර්තා විරලය . ලෝකයේ ආයුධ සහ හමුදා බලය නිරීක්ෂණය කරන Global Firepower වෙබ් අඩවිය , ඉන්දියාවේ හෝ පකිස්තානයේ අවි ගැන සඳහන් කර නැත. මෙම Global Firepower වෙබ් අඩවිය පවසන්නේ, තම තක්සේරු කිරීම්වලදී න්‍යෂ්ටික හැකියාවන් සලකා නොබලන බව ය.

කෙසේ වෙතත්, ස්වීඩන් නිරීක්ෂණ ආයතනයක් වන ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ (SIPRI) 2024 වාර්තාවකට අනුව, න්‍යෂ්ටික යුද ශීර්ෂ අනුව රටවල් දෙක සමාන බව පෙනේ.
මෙම වාර්තාවට අනුව, ඉන්දියාව සතු න්‍යෂ්ටික යුද ශීර්ෂ 172ක් ඇස්තමේන්තු කර ඇති අතර, පකිස්ථානය සතුව එවැනි යුද ශීර්ෂ 170ක් ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
කෙසේ වෙතත්, මෙම න්‍යෂ්ටික යුද ශීර්ෂවලින් කොපමණ ප්‍රමාණයක් දෙරට සතුව මෙහෙයුම් සූදානමක තිබේ ද යන්න පැහැදිලි නොවේ.
‘ස්පිරිට්’ සඟරාව පවසන්නේ පකිස්ථානය ඉන්දියාව සමග තරග කිරීම සඳහා න්‍යෂ්ටික අවි සංවර්ධනය කරමින් සිටින අතර, ඉන්දියාව දිගු දුර අවි, එනම් චීනය ඉලක්ක කළ හැකි අවි කෙරෙහි අවධානය යොමු කර ඇති බව ය.
ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරටේ ම අසල්වැසියෙකු සහ ලොව තුන් වන විශාලතම න්‍යෂ්ටික බලවතා වන චීනය, සිය න්‍යෂ්ටික අවි ගබඩාව 22%කින් වැඩි කර ඇති අතර, එහි යුද ශීර්ෂ ගණන 410 සිට 500 දක්වා ඉහළ නංවා ගෙන තිබේ.