ඇමරිකාවේ මැදිහත්වීම මත දින හතරක ගැටුම්වලින් පසු ඉන්දු පාකිස්ථාන සටන් විරාමයෙන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පළමු වරට ජාතිය අමතමින් ත්රස්තවාදයට එරෙහිව දැඩිව ප්‍රතිචාර දක්වන බව අවධාරණය කළේය.
තම දේශයට එරෙහි න්‍යෂ්ටික තර්ජනයක් ඉවසන්නේ නැති බවයි අගමැතිවරයා සඳහන් කළේ.

පහල්ගම් ප්‍රහාරය වැනි ප්‍රහාර නැවත සිදුවුවහොත් ඉන්දියාවේ සන්නද්ධ හමුදා විසින් ප්‍රතිප්‍රහාර දියත් කරන බව මෝදි අගමැතිවරයා පැවසුවේය..
පාකිස්ථානයේ ප්‍රහාරවලට සහ අතීතයේ බොහෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට එරෙහිව ජාතිය ආරක්ෂා කිරීම සඳහා කැපවූ සන්නද්ධ හමුදාවන්ට අගමැතිවරයා සිය ස්තූති පලකළ අතර “සෑම ඉන්දියානුවෙක්ම ඔබ ගැන ආඩම්බර වෙනවා. ඔබ ඉතිහාසය ලියා තිබෙනවා. මම ඔබේ ආශිර්වාදය ලබා ගැනීමට ආවා..ත්රස්තවාදීන් අපට අභියෝග කළා. නමුත් ඔබ ඔවුන්ට හිසට පහර දුන්නා. ඔබ ඔවුන්ගේ කඳවුරු විනාශ කර ත්රස්තවාදීන් 100ක් මරා දැමුවා. ඔවුන් අපට පහර දීමට උත්සාහ කළහොත් එහි ප්‍රතිඵලය ඔවුන්ගේ විනාශය බව ඔවුන් තේරුම් ගෙන තිබෙනවා,” යනුවෙන් එහිදී අගමැතිවරයා ජාතිය අමතමින් තවදුරටත් ප්‍රකාශ කළේය.
ජලය සහ රුධිරය එකට ගලා යා නොහැකි බව කී අගමැති මෝදි ඉන්දියාව සමඟ ඇති ජල ගැටලුව සාමකාමී සාකච්ඡා මගින් විසඳනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කරන ලදී.
ගැටුම් සම්බන්ධයෙන් පාකිස්ථානය පවසා තිබුණේ ඉන්දියාව සතු මිල අධික හා බලගතු රුසියානු නිෂ්පාදිත S-400 මිසයිල ආරක්ෂක පද්ධතියේ තුනෙන් එකක් මේ වන විට විනාශ වී ඇති බවයි.