විදුලි ගාස්තු සංශෝධනයට සමාන්තරව ජල ගාස්තුව සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඊට අදාළ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව මණ්ඩලය කියා සිටී.
ඒ අනුව ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකොට අනුමැතියද ලබා ගැනීමෙන් පසු නව ගාස්තු ක්‍රමය ක්‍රියාවට නැංවීමට නියමිතය.