පාසල් දරුවන්ට භාෂා අධ්‍යයනය අනිවාර්යයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හයවැනි ශ්‍රේණියේ සිට නවවැනි ශ්‍රේණිය දක්වා දෙමළ සහ සිංහල භාෂාව ඔවුන්ගේ දෙවැනි භාෂාව ලෙස ඉගැන්වීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර ඇති බව අගමැතිනි හරිනි අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

හයවැනි ශ්‍රේණියේ සිට නවවැනි ශ්‍රේණිය දක්වා සිංහල සිසුන්ට ඔවුන්ගේ දෙවැනි භාෂාව ලෙස දෙමළ භාෂාව ඉගෙනගැනීමටත්, දෙමළ සිසුන්ට ඔවුන්ගේ දෙවැනි භාෂාව ලෙස සිංහල භාෂාව ඉගෙනගැනීමටත් අනිවාර්ය කෙරෙනු ඇති බව අගමැතිනිය සඳහන් කළාය.

ගුරුවරුන්ට භාෂා ඉගැන්වීමට පුහුණුව ලබාදෙන තෙක් මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.