මාස පහට සංචාරකයින් මිලියනයයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2025 වසරේ මුල් මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මැයි මාසයේ 25 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,006,097ක් බව එම අධිකාරිය පවසයි.

තවද එම අධිකාරිය පැවසුවේ මැයි මාසයේදී මැයි 25 දක්වා තවත් සංචාරකයින් 109,213 පැමිණ ඇති බවය.