මාස පහට මාරක රිය අනතුරු දහස ඉක්මවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2025 වසරේ මැයි 25 වනදා දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු 1003කින් පුද්ගලයින් 1062 දෙනෙකු මියගොස් තිබේ.

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඒ බව සඳහන් කළේය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා මෙහිදී පවසා සිටියේ, බරපතළ තුවාල සිදුවූ රිය අනතුරු 2064ක් සිදුව ඇති බවත් ඉන් 7000කට ආසන්න සංඛ්‍යාවක් බරපතළ තුවාල සිදුව ඇති බවත්ය.

මේ අතර ප්‍රදේශ කිහිපයක ගතවූ පැය 24 තුළ සිදුවූ රියඅනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.