කෘත්‍රීම බුද්ධියෙන් හොරු අල්ලයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා AI තාක්ෂණය උපයෝගි කරගෙන ඔවුන්ගේ මුහුණේ ඡායාරූප නිර්මාණය කිරීමේ වැඩසටහන මේ වන විට සාර්ථක වී ඇතැයි කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර කීය.

අපරාධ වාර්තා කොට්ඨාසයේ චිත්‍ර ශිල්පීන් විසින් අපරාධකරුවන්ගේ රූප විස්තර ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද චිත්‍ර AI තාක්ෂණය මඟින් වැඩිදියුණු කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

AI තාක්ෂණය ඔස්සේ එලෙස මේ වන විට අපරාධකරුවන්ගේ ඡායාරූප 5ක් නිර්මාණය කර ඇති අතර, එම ඡායාරූප ආශ්‍රයෙන් අපරාධකරුවන් දෙදෙනකු හඳුනාගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.