රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ප්ලග් බේස් එක බැගින් සවි කිරීමට එකක් රුපියල් 72000ක මිලකට ප‍්‍රකට ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතාගේ සමාගමකට රුපියල් කෝටි පහ ඉක්මවූ කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව ජන අරගල ව්‍යාපාරය සඳහන් කරයි.
ඒ සඳහා ඉදිරිපත් වූ අනෙක් අඩු මිල ඉදිරිපත් කිරීම් සියල්ල අතහරිමින් මෙම මිලට ලබා දී ඇති බව එම සංවිධානයේ වසන්ත මුදලිගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
” ඩිජිටල් හැදුනුම්පත සම්බන්ධ ප්‍රශ්නය පහුගිය කාලේ රටේ ලොකු ආන්දෝලනයක් ඇති කරපු සිද්ධියක්. අපි ජන අරගල ව්‍යාපාරය විදිහට කරුණු කිහිපයක් නිසා මේ ඩිජිටල් හැදුනුම්පතට විරුද්ධයි. එකක් තමයි ඩිජිටල් හැදුනුම්පත සඳහා ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියම ගැටලු සහගතයි. අනිත් කරුණ තමයි ආණ්ඩුව තවමත් මේ හැදුනුම්පත සඳහා ලබාගන්න ජෛවමිතික දත්ත මොනවද සහ ඒ දත්තවල ආරාක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට දෙන සහතිකය මොකක්ද කියලා හෙළිදරව් නොකිරීම.
ඊලඟට මෙතන තියෙන බරපතළම කාරණය තමයි ඉන්දියාවෙන් ලැබෙන රුපියල් මිලිය 10ක ආධාර මුදලක් වෙනුවෙන් ආණ්ඩුව මුළු රටේම ජනතාවගේ සංවේදී ජෛවමිතික තොරතුරු සියල්ල ඉන්දියානු සමාගමක් සතු කිරීමට දරණ උත්සාහය. අපි දන්නවා දැන් ජනතා විරෝධය පවා නොසලකමින් ඩිජිටල් හැදුනුම්පතට අදාළව ටෙන්ඩර් කැඳවීමක් කරන්න ආණ්ඩුව සූදානමින් ඉන්නවා. ඊයේ දවසේ ඩිජිටල් කටයු භාර නියෝජ්‍ය ඇමතිවරයා විසින්ම මේ අදහස තහවරු කළා. ආණ්ඩුවේ තීරණය අනුව මේ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙන්නේ ඉන්දියානු සමාගම්වලට විතරයි.

මේක ඉතාම බරපතළ තත්වයක්. ටෙන්ඩර් කැඳවීමේ සාමාන්‍ය ක්‍රියාවලිය පවා නොසලකමින් තමයි ආණ්ඩුව ලංකාවෙ සමස්ථ ජනතාවගේම ජෛවමිතික දත්ත ටික ඉන්දියාවට ලබාදෙන්න සූදානම් වෙන්නේ. අපි දන්නවා ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වුණේ පොරොන්දු ගොඩක් එක්ක. හොරකම නැති කරනවා. දූෂණය නාස්තිය නැති කරනවා. යහපත් දේශපාන සංස්කෘතියක් ඇති කරනවා වගේ පොරොන්දු ගොඩක් මැතිවරණ වේදිකාවලදි ආණ්ඩුව ලබා දුන්නා.
නමුත් බලයට පත්වෙලා මාස 8ක් යන්නත් කලින් ආණ්ඩුවට ඒ පොරොන්දු අමතක වෙලා. දැන් වර්තමාන ආන්ඩුවත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී යන්නෙ පරණ පාරෙමද කියන සැකය අපිට මතු වෙනවා. ඒකට හේතුව තමයි ඩිජිටල් හැදුනුම්පත සම්බන්ධ කටයුත්තකදී ටෙන්ඩර් ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් බරපතළ අක්‍රමිකතාවක් සිදුව තිබීම.
2025 04 29 දින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය මගින් ටෙන්ඩර් කැඳවීමක් සිදුකරලා තියනවා. E හැදුනුම්පත එහෙම නැත්තං ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීමෙන් පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල මේ හැදුනුම්පත හඳුනාගැනිම සඳහා ඉඳිකරන යුනිට් එකක් සඳහා විදුලිය ලබාගනීමට අවශ්‍ය පල්ග් බේස් එකක් ඉඳිකර ගැනීමට තමයි මේ ටෙන්ඩර් කැඳවීම කරලා තියෙන්නේ . ඒ සඳහා ඔවුන් ප්ලග් අටක් තියෙන වයර් කෝඩ් එකක් එය බිත්තියට සවි කිරීම සඳහා ප්ලග් ටොප් එකක් සහ ආවරණය කිරීම සඳහා ප්ලාස්ටික් බොක්ස් එකක් සහිත සම්පූර්ණ කට්ටළයක් තමයි ඇණවුම් කරලා තියෙන්නේ.
ලංකාව පුරා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල සඳහා මෙවැනි බොක්ස් 700ක් මේ ඕඩරයට ඇතුලත්. අපිට තියන තොරතුරු අනුව මේ සඳහා ආයතන 8ක් ලංසු ඉදිරිපත් වුණා. මේ ආයතන රුපියල් 5890, රුපියල් 25,000, රුපියල් 83,000, රුපියල් 18,300 රුපියල් 72,517 වගේ විවිධ මිළගණන් මේ සඳහා ඉදිරිපත් කරලා තියනවා. සාමාන්‍ය ක්‍රියාවලිය අනුව මෙවැනි ටෙන්ඩර් කැඳවීමකදී අඩුම ලංසුව ඉදිරිපත් කරන හොඳම තැනට තමයි අදාළ ටෙන්ඩරය ලබා දෙන්නේ.
නමුත් දැන් ආණ්ඩුව මේ ටෙන්ඩරය ලබාදීලා තියෙන්නේ රුපියල් 72,517ක ලංසුව ඉදිරිපත් කරපු බ්‍රවුන්ස් එනිජිනියරින් කියන සමාගමට. මේ බ්‍රවුන්ස් එනිජිනියරින් සමාගම අයිති පුද්ගලයා තමයි ඉෂාර නානායක්කාර. අපි දන්නවා ඔහු පහුගිය කාලේ මාලිමා ආණ්ඩුවේ ප්‍රබලයින් සමග බොහොම කිට්ටු සම්බන්ධතා පැවත්වුවා.
අදාළ ටෙන්ඩරය අනුව රුපියල් 72,517 ගණනේ ප්ලග් බොක්ස් 700ක් සඳහා රුපියල් ලක්ෂ 507ක් ඉෂාර නානායක්කාරගේ සමාගමට ගෙවන්න තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ. අපි සාමාන්‍යෙන් විදුලි උපකරණ විකුණන තැනකට ගිහිල්ලා බැලුවා මෙවැනි ප්ලග් බොක්ස් එකක් හදාගන්න කොච්චර විතර මුදලක් වැය වෙයි ද කියලා. ප්ලග් බේස් 8ට රුපියල් 5600යි. වයර් මීටර් 5ට රුපියල් 1000යි ප්ලග් ටොප් එකක් රුපියල් 400යි ප්ලාස්ටික් පෙට්ටියක් රුපියල් 4000යි.
මෙන්න මේ විදිහට මේ සම්පූර්ණ කට්ටලයම රුපියල් 11,000කට හදාගන්න පුලුවන්. දැන් මේගොල්ලෝ කියන විදිහට ඒ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට මේ කට්ටළය ප්‍රවාහනය කරන්න යන වියදමත් මේකට ඇතුළත් එතකොට ලංකාවේ දුරම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය විදිහට යාපනය ගත්තත් රුපියල් 20000කින් ප්‍රවාහණ කටයුතු කරන්න පුලුවන්. එතකොට අවම රුපියල් 31,000කින් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයක් දක්වා වුණත් මේ ප්ලග් බොක්ස් එකක් ප්‍රවාහණය කරන්න පුලුවන්.
ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකම ඉන්නවා තාක්ෂණික නිළධාරියෙක්. තමන්ගේ ආයතනයේ බලබ් එකක් පිච්චෙන තැන ඉඳලා සියලු තාක්ෂණික කටයුතු පැවරෙන්නේ මේ නිළධාරියාට. එතකොට ආණ්ඩුව යම් දැනුම් දීමක් කළොත් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පුලුවන් තමනගේ තාක්ෂණික නිලධාරියා ලවා මේ ප්ලග් බොක්ස් එක ඉඳිකරවාගන්න. එතකොට මේකට එතරම් මුදලක් වැය කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපි හිතුවොත් මේ එක කට්ටළයක් රුපියල් 11,000ක් වෙනවා කියලා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල 700ට මේ සඳහා වැය වෙන්නේ රුපියල් ලක්ෂ 77යි. එහෙම නැත්තං ආණ්ඩුවට පුලුවන් අඩුම තරමින් අඩු මුදලකට ලංසු ඉදිරිපත් කළ ආයතනයකට අදාළ ටෙන්ඩරය ලබාදෙන්න. ඒ කිසිවක් නැතුව රුපියල් ලක්ෂ 507ක් බ්‍රවුන්ස් එනිජිනියරින් ආයතනයට පුදන්න තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ.
ඉතිහාසයේ ලංකාව පාලනය කල දූෂිත දේශපාලන කල්ලි සියල්ල ප්‍රතික්ෂේප කරළා ජාතික ජන බලවේග ආණ්ඩුවට ජනතාව රටේ පාලන බලය ලබා දුන්නේ හොරකම වංචාව නාස්තිය නැති යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ජනතාව ඒ තියපු විශ්වාසයට පස්ස හරවන්න එපා.
මේ ටෙන්ඩර් කැඳවීමේදී වංචවක් දූෂනයක් වෙලා තියනවනං වහාම ටෙන්ඩරය අහෝසි කරන්න. මෙතරම් විශාල මුදලකට මේ ටෙන්ඩරය අදාළ සමාගමට ලබාදුන්නෙ කොහොමද ඒකට උදව් කලේ කවුද කියන කරුණ වහාම සොයා බලලා අවශ්‍ය ක්‍රියාමර්ග ගන්න. ඒ වගේම තමයි අදාළ කටයුත්ත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ඉන්න තාක්ෂණික නිලධාරියා ලවා හෝ අවම ලංසුවක් ඉදිරිපත් කරපු ආයතනය ලවා එම කටයුත්ත කරවන්න කටයුතු කරන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට මතක් කරනවා.”