BYD “අවුල” නිසා රාජ්‍යතාන්ත්‍රික මතභේද මතුවේවිද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ BYD විදුලි මෝටර් රථ තොගයක් හම්බන්තොට වරායේ රේගුව විසින් රඳවා ගැනීමත් සමග චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික මතභේදයක් ඇතිවීමේ හැකියාව ඇති බව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂද සිල්වා මහතා පවසයි.

මන්ත්‍රීවරයා කියා සිටියේ එම තත්ත්වයට යා නොදී හැකි ඉක්මනින් මෙම වාහන සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කටයුතු කළ යුතු බවයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අදාළ පරීක්ෂණ සිදුවිය යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටී.

මෙරට මෙරට පොහොර අර්බුදය පැමිණි සමයේ චීනයෙන් ගෙන එන ලද පොහොර නෞකාවක් මේ ආකාරයෙන්ම ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ බවත් පැවසු ඔහු එය සිංගප්පූරුවේ සමාගමකින් පරීක්‍ෂණ කළ විට වෙනස් වාර්තා පැමිණි බවත් ශ්‍රී ලංකාවේදී පැමිණියේ එම ප්‍රතිඵල නොවන බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව රාජතාන්තික ගැටලුවක් දක්වා මෙය යා නොදී කළමනාකරණය කරගත යුතු බවද ඔහු කියා සිටියේය.