13 වැනිදා කළහයට සම්බන්ධ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් රටින් පනී

Picture of අසංක

අසංක

අත්අඩංගුවට ගැනීමට පොලීසිය සෙවූ නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකු විදෙස්ගතවී තිබේ.

පසුගිය 13 වැනිදා රට තුළ ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්තාවට සම්බන්ධ බව කියන මෙම මන්ත්‍රීවරයා එම සිද්ධියෙන් අනතුරුව වහා රටින් පැනගොස් ඇතැයි සඳහන්‍ ය.

ඔහු ගොස් ඇත්තේ ස්විස්ටර්ලන්තයට බව ද පොලීසිය වෙත තොරතුරු ලැබී තිබේ.

මොහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය හරහා ආගමන විගමන පාලකට හා ගුවන් තොටුපළට නියෝග ලබාගැනීමට කටයුතු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පැවැසීය.