2026 ජනවාරි 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) නිල වශයෙන් ඉවත් වී තිබෙනවා.
මෙය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2025 ජනවාරි මාසයේදී සිය දෙවන ධුර කාලය ආරම්භ කරමින් ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලයක්.
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේදී එම සංවිධානය අනුගමනය කළ ක්‍රියාමාර්ග අසාර්ථක වීම මෙම තීරණයට ප්‍රධාන හේතුව ලෙසයි අමෙරිකාව පෙන්වා දී ඇත්තේ.
අමෙරිකානු සෞඛ්‍ය සහ රාජ්‍ය දෙපාර්තමේන්තු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම ඉවත් වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා පමණක් ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සීමිත මට්ටමකින් කටයුතු කරන බවයි.

