මෝදිගේ දෙවැනි පදවිප්‍රාප්තියට ජනපතිත් යයි

Picture of අසංක

අසංක

නවදිල්ලියේදී ලබන 30 වැනිදා පැවැත්වෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ජනපති මෛත‍්‍රිපාල සිරිසේන ද සහභාගි වීමට නියමිතයි.

තමා නවදිල්ලියේ පැවැත්වෙන උත්සවය සඳහා සහභාගි වන බව ජනපතිවරයා මෝදි අගමැතිවරයාට දන්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන අතර පසුගියදා පැවති මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ මෝදි මහතා දෙවන වරට අගමැති ලෙස දිවුරුම් දෙන්නේ ලබන 30 වැනිදායි.