මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, 13.56%ක විදුලි ගාස්තු ඉහළ නැන්වීමක් සිදුකරන ලෙස අදාළ යෝජනාව මගින් ඉල්ලා ඇති බව සඳහන් වෙයි.
අප්‍රේල් 01 සිට ජුනි මස 30 වනදා දක්වා වන කාලය සඳහා මෙම විදුලි ගාස්තු සංශෝධනය ඉල්ලීම් කර ඇත.

