වෛද්‍ය ශාෆිට එරෙහි චෝදනා සොයන්න 6 පුද්ගල කමිටුවක්

Picture of අසංක

අසංක

කුරුණෑගල රෝහලේ සේවය කරන වෛද්‍ය ශාෆි ශහාබ්දීන්ට එරෙහිව පවතින චෝදනා පිළිබඳ සොයාබැලීම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ඔහු සතු වත්කම් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මතුවූ සැකසහිත තත්ත්වයක් හේතුවෙන් මොහු අත්අඩංගුවට ගැනුණි.

කෙසේවෙතත් මෙම වෛද්‍යවරයාට ඇතැම් මාධ්‍ය වාර්තා මගින් සිසේරියන් සැත්කම් පිළිබඳ චෝදනා එල්ල වී තිබේ.

මෙම සිද්ධි දාමයට අදාළව මේ වනවිට විමර්ශන ගණනාවක් පොලිසීයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විශේෂ විමර්ශන ඒකකය මගින් ද ක්‍රියාත්මක ය.