බාල ගල් අඟුරු නැවු 10ක් ලංකාවට!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කරමින් බාල ගල් අඟුරු සහිත නෞකා 10ක් මේ වන විටත් මෙරටට ගෙනවිත් ඇති බවත්, ඉදිරියේදී තවත් එවැනි නෞකා 15ක් ගෙන ඒමට සූදානම් වන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

‘අයිඩන්’ (Iden) නැමති ඉන්දීය සමාගමක් හරහා මෙම ගල් අඟුරු ගෙන්වන අතර, එම සමාගම මහා පරිමාණයෙන් ගල් අඟුරු සපයන පළපුරුද්දක් සහිත ආයතනයක් නොවන බව ඔහු සඳහන් කළේය.

ටොන් එකකට ඩොලර් 1.50ක් වැනි සුළු මුදලක් අඩුවෙන් පෙන්වා ටෙන්ඩරය ලබා ගත්තද, බාල ගල් අඟුරු ලබා දීම හරහා එම සමාගම සෑම ටොන් එකකින්ම ඩොලර් 30ක පමණ අයුතු ලාභයක් ලබන බව රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රජය මෙවැනි දූෂිත ගනුදෙනු පිළිබඳව සත්‍යය වසන් කරමින් සිටින බවත්, තාක්ෂණික පිරිවිතරයන්ට අනුකූල නොවන සමාගම්වල ටෙන්ඩර් වහාම අවලංගු කර ජනතාව පීඩාවට පත්වන ගෑස් පෝලිම් නැති කිරීමට පියවර ගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.