පාස්කු ප්‍රහාර විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේගෙන් පැය 72 ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.
ඔහු තවදුරට ත් පැවසුවේ, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිබූ සාක්ෂි මත පදනම්ව බව ය.

